තිරී කියන්නෙ අත්දැකීම් සහිත පිතිකරුවෙක් කියලා මම හිතනවා. ඔහු ගොඩක් එක්දින තරග ක්‍රීඩා කරලා තිබෙනවා. ඔහු ටෙස්ට් තරග වලදි අසාර්ථකයි. නමුත් ඔහු පසුගිය ලෝක කුසලානයේදී හොඳින් පිතිකරණයේ යෙදුනා. ඒකයි හේතුව. ඔහු දකුණු අප්‍රිකාවෙදීත් හොඳින් කළා. නමුත් ඇති තරම් ලකුණු ලබාගත්තේ නෑ. දකුණු අප්‍රිකාවෙදි අපි දෙදෙනාම මුල් පන්දුවාර 15 පිතිකරණයේ යෙදුනා. මට ඒක විශාල දෙයක්. ඒකයි අපි ඔහුට අවස්ථාවක් ලබාදුන්නේ. පළමු තරගයේදීත් ඔහු හොඳින් පිතිකරණයේ යෙදුනා. එහිදී ඔහු ලකුණු 70ක් ලබාගත්තා. ඒක මටනම් වටිනා ලකුණු 70ක්. නමුත් ඔහු මීට වඩා තවත් හොඳින් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවශ්‍යයි. ඔහු ක්‍රීඩා කරන්නේ පිතිකරුවෙකු වශයෙනුයි. මම ඔහුගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවා. අපි ඒක ගැන හිතන්න ඕන. අපි පාකිස්ථාන තරගාවලියේදී ඒ සම්බන්ධව සැලසුම් කරන්නේ කොහොමද කියලා තේරීම් කමිටුව සමඟ සාකච්ඡා කිරීමට අවශ්‍යයි. ඔහුට හොඳින් ක්‍රීඩා කිරීමට හැකි නම් අපිට තව අවස්ථාවක් හෝ දෙකක් ලබාදෙන්න පුළුවන්. ඒක හොඳ ලකුණක් වේවි. නැතිනම් අපි වෙනත් සැලසුමක් ක්‍රියාත්මක කරනවා. මගේ මස්පිඬු වල ඇතිවුණු ආබාධයක් ඒක. මාව ක්‍රීඩාගාරයේ රඳවා ගැනීමට භෞත චිකිත්සකවරයාට අවශ්‍ය වුණා. මම දිවීමේ නිරත වුණොත් ආබාධය උග්‍ර වීමට පුළුවන් නිසයි එහෙම කිව්වේ. මම MRI වගේ් සෑම දෙයක්ම කළා. එහි වාර්තාව අද ලැබෙනවා. මට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා පෝල්ට ඉන් පසුව බලන්න පුළුවන්. අනතුරුව යථා තත්ත්වයට ඇවිත් පාකිස්ථාන තරගාවලියට සූදානම් වීමට අපේක්ෂා කරනවා. මට වේගයෙන් දුවන්න බැහැ. මට අමාරුවෙන් ඇවිදින්න පුළුවන්. මට වේගය වැඩිකිරීමට හැකියාවක් තිබුණේ නෑ. මම වේගය වැඩි කළා නම් ටිකක් අමාරු වෙනවා. ඒකයි මම ගොඩක් සෙමින් පිතිකරණයේ යෙදුනේ.